සමුගැනීමට මේ සුදුසුම කාලය බව මට හැඟෙනවා
Wednesday, 22 July 2020 - 15:04 | Views - 330
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩිකාවක වන ශ්‍රීපාලි වීරක්කොඩි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
34 හැවිරිදි වියේ පසුවන ඇය ජාත්‍යන්තර තරඟ 89කට හා විස්සයි විස්ස තරඟ 58කට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබෙනවා.
ඇය තම තීරණය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇති බව සඳහන්.
"සමුගැනීමට මේ සුදුසුම කාලය බව මට හැඟෙනවා," යැයි ඇය සඳහන් කරනවා. එය තමාගේ පෞද්ගලික තීරණයක් බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
Share This Article