ත්රීරෝද රථයක් ප්රපාතයකට පෙරලීමෙන් තරුණයෙකු ජිවිතක්ෂයට
Wednesday, 22 July 2020 - 13:17 | Views - 329
නානුඔය - ග්ලැසෝ වත්ත - ආර්.ඩී එක ප්රදේශයේදී ත්රිරෝද රථයක් ප්රපාතයකට පෙරලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්රියේ මෙලෙස මියගොස් ඇත්තේ ත්රිරෝද රථයේ පිටුපස ගමන් ගත් 21 හැවිරිදි නානුඔය - පෙරකුම්පුර ප්රදේශයේ තරුණයෙක්.
මිතුරෙකු නිවසට ඇරලවා නැවත පැමිණෙමින් සිටියදී ඔහු මෙම අනතුරට පත්ව ඇති අතර, එම අවස්ථාවේ ත්රිරෝද රථයේ රියදුරු පිටතට පැන පලාගොස් තිබෙනවා.
අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන මහනුවර රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article