තලංගම දී අයිස් මත්ද්‍රව්‍ය සහ අධිවේගී යතුරුපැදියක් සමඟ කාන්තාවක් සහ තරුණයෙකු අත්අඩංගුවට
Wednesday, 22 July 2020 - 11:40 | Views - 513
තලංගම පයිප්ප පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් සහ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පොලිසිය විසින් රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා අධිවේගී යතුරුපැදියක්, ව්‍යාජ අංක තහඩු යෙදූ තවත් යතුරු පැදියක් සහ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව අංගොඩ නිවසකින් තවත් යතුරුපැදි තුනක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ වැටලීමේදී සොයාගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රැම් 200ක් බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන හෝකන්දර රයිඩර් නමැත්තාගෙන් ලද තොරතුරුවලට අනුව කළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණ වී ඇත්තේ නේවි රුවන් නමැති පාතාල සාමාජිකයෙකු එම නිවසේ නවාතැන්ගෙන සිට ඇති බවයි.

අදාළ සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇති අතර අතුරුගිරිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top