තලංගම දී අයිස් මත්ද්‍රව්‍ය සහ අධිවේගී යතුරුපැදියක් සමඟ කාන්තාවක් සහ තරුණයෙකු අත්අඩංගුවට
Wednesday, 22 July 2020 - 11:40 | Views - 514
තලංගම පයිප්ප පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් සහ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී පොලිසිය විසින් රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා අධිවේගී යතුරුපැදියක්, ව්‍යාජ අංක තහඩු යෙදූ තවත් යතුරු පැදියක් සහ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව අංගොඩ නිවසකින් තවත් යතුරුපැදි තුනක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අදාළ වැටලීමේදී සොයාගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්රැම් 200ක් බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන හෝකන්දර රයිඩර් නමැත්තාගෙන් ලද තොරතුරුවලට අනුව කළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණ වී ඇත්තේ නේවි රුවන් නමැති පාතාල සාමාජිකයෙකු එම නිවසේ නවාතැන්ගෙන සිට ඇති බවයි.
අදාළ සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇති අතර අතුරුගිරිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article