මුඛ ආවරණ පැළඳ නොසිටි සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් 2521දෙනෙකුට අවවාද
Wednesday, 22 July 2020 - 10:33 | Views - 297
මුඛ ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් 1406 දෙනෙකුට සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් 1115 දෙනෙකුට අවවාද කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.
එමෙන්ම, බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත 393 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ඊයේ පෙරවරු 6 සිට අද අලුයම 5 දක්වා කාලය තුළදී අත්අඩංගුවට ගත් මෙම පිරිස අතරින් 166 දෙනෙකුට හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනා එල්ල වන බවයි.
Share This Article