ඊයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේ
Wednesday, 22 July 2020 - 9:12 | Views - 449

ඊයේ දිනයේ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ අතර, මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාවන්නේ 2,730ක් ලෙසයි.
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 2,048 ක් වන අතර, තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක කොරෝනා වෛරස ආසාදිතවූවන් 671ක් ප්‍රතිකාර ලබනවා.
එමෙන්ම, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද උදෑසන වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඞ් ආසාදිතයින් 561 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
ඉන් 451දෙනෙකු රැදවියන් වන අතර 63 දෙනෙකු කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් වන බවයි.
එමෙන්ම, ආරාධිත කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයින් 5 දෙනෙකු සහ ඔවුන් ළගින් ඇසුරු කළ පුද්ගලයින් 42කු කොවිඩ් ආසාදිතයින් බවට පත්ව තිබෙනවා.
මේ අතර, කොළඹ වරායේ නවතා ඇති නැවක සේවය කිරීම සඳහා විදේශීය මුහුදු නාවිකයන් 28 දෙනෙකු දෝහා සිට අද අලුයම දිවයිනට පැමිණියා.
මේ අතර, තමන්ට නීතිමය බලතල පවරාදෙන තෙක් කොරෝනා වෛරසය පාලනය කිරීමේ රාජකාරිවලින් බැහැර වී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද 7 වන දිනටත් ක්‍රියාත්මකයි.
ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදි සාකච්ඡාවක් පැවැත්වෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය දැක්වීම සඳහා ඩෙංගු මර්දන සහයකයින් ඇතුලු සෞඛ්‍ය වෘත්තිය සමිති 18 ක් එක්වී සිටිනවා.
Share This Article