කෝවිල් ගිය අට හැවිරිදි දැරියට හදි කරන්න හැදූ 12 හා 14 පිරිමි ළමයි දෙදෙනා අත්අඩංගුවට
Wednesday, 22 July 2020 - 9:02 | Views - 1,452
මුලතිව් විශ්වමඩු ප‍්‍රදේශයේ කෝවිලක උත්සවයකට සහභාගි වී සිටි අට හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කළ ළාබාල වියේ පිරිමි ළමයින් දෙදෙනකු මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් 19 දා අත්අඩංගුවට ගෙන තිබේ.
 
 අත්අඩංගුවට ගත් ළමයින් දෙදෙනා වයස අවුරුදු 12 හා 14 වියේ පසුවන පළාතේම ළමයින් දෙදෙනෙකි.
 
 කෝවිල් උත්සවයට ගිය දැරිය කෝවිල අසල පිහිටි වැවක් අසලට කැටුව ගිය මෙම පිරිමි ළමයින් දෙදෙනා ඇයට වධ හිංසා කොට ලිංගික අතවර කිරීමට තැත් කොට තිබේ.
 
 මේ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලිසියට තොරතුරු ලැබීමෙන් පසුව පිරිමි ළමයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කොට තිබේ.
 
 අත්අඩංගුවට ගත් පිරිමි ළමයින් දෙදෙනාව පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදී වයස අවුරුදු 14 ක් වූ ළමයා ළඟ තිබී රුපියල් හැටපන්දහසක් පමණ වටිනා ජංගම දුරකථනයක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
 
 අත්අඩංගුවට ගත් සැකකාර පිරිමි ළමයින් දෙදෙනා මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පුදුකුඩිඉරිප්පු පොලිසිය පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top