මාස 1 1/2 දරුවා ඇඳේ තබා මහ රෑ මාරු වුණ 19 හැවිරිදි අම්මා රිමාන්ඩ්
Wednesday, 22 July 2020 - 8:49 | Views - 2,190
තම මාස එකහමාරක කුඩා දරුවා රාත‍්‍රි කාලයේදී නිවසේ ඇඳ මත තබා රහසිගතව නිවසින් ගිය මවක් ඇගේ සැමියා කළ පැමිණිලිලක් අනුව කොස්මෝදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඇය 20 වැනිදා මොරවක මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මොරවක මහෙස්ත‍්‍රාත් ශෂිකා මිතුනආරච්චි නියෝග කළාය.
 
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වෙරළුව, යටිහොරගල, වරල්ල පදිංචි 19 හැවිරිදි කාන්තාවකි.
 
ඇය පසුගිය 14 වැනිදා රාත‍්‍රී 1.30ට පමණ තම මාස එක හමාරක පිරිමි දරුවා නිවසේ ඇඳ මත දමා සැමියාට හොරෙන් ඇගේ මව සමග ත‍්‍රිරෝද රථයකින් නිවසින් බැහැරව ගොස් ඇත. එසේ ගොස් රත්ගම ප‍්‍රදේශයේ මවගේ නිවසේ කල් ගෙවා ඇති බව පොලිසිය පවසයි.
 
රාත‍්‍රී කාලයේ දරුවා දිගටම ඇඞීම නිසා වෙනත් කාමරයක සිටි සැමියා පැමිණ බලන විට දරුවා පමණක් ඇඳ මත අඬමින් සිට ඇත. පසුව තම බිරිඳ වැසිකිළියට ගොස් ඇති බව සිතා සැමියා වැසිකිළියේ සහ නිවසේ වටපිටාව පරීක්ෂා කළත් බිරිඳ නිවසේ සිට නැත. ඒ නිසා මේ සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසියට පැමිණිලි කර ඇත.
 
පසුව සැමියා ඇය ගැන තොරතුරු සොයා පොලිසියට කළ දැනුම්දීමක් මත රත්ගම ප‍්‍රදේශයේ බිරිඳගේ මවගේ නිවසේ සිටි ඇය පොලිසියට ගෙන්වා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top