පොලිස් විශේෂ කාර්ය බලකාය ඇල්පිටියේදී ඇල්ලූ පාතාල සාමාජිකයා අද අධිකරණයට
Wednesday, 22 July 2020 - 8:37 | Views - 271
ඇල්පිටිය - ගනේගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ගිනි අවි, ජීව උණ්ඩ සහ යුද හමුදා නිල ඇඳුම් කිහිපයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 6 ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අත්බෝම්බයක්, ටී 56 උණ්ඩ 23 ක්, ටී 56 මැගසීනයක්, කඩු තුනක්, යුද හමුදා නිල ඇඳුමක් සහ යුද හමුදා නිල ඇඳුම් කමිස 3 ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

28 හැවිරිදි ගනේගොඩ ප්‍රදේශයේම පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ඇල්පිටිය පොලීසියට භාරදී ඇති අතර, ඔහු අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර වලස්මුල්ල - බෝවල ප්‍රදේශයේ භූගත බංකරයක සඟවා තිබූ හමුදා ඇඳුම් කට්ටල කිහිපයක්, ගිනි අවි, ජීව උණ්ඩ සහ තියුණු ආයුධ ඇතුළු තවත් උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයා වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top