ජීවිත 17ක් බිළිගත් දුම්රිය අනතුර
Wednesday, 22 July 2020 - 8:27 | Views - 725
කොළඹ සිට යාපනය බලා ධාවනය වු රාත්රි දුම්රියේ යාපනය - මිරුසුවිල් ප්රදේශයේදී ඊයේ(21) අලුයම ගවයින් 17 දෙනෙකු ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය මිරුසුවිල් ප්රදේශවාසීන් පවසනවා.
ප්රදේශවාසීන් පැවසූවේ වැහි අඳුර සහිත කාලගුණ තත්ත්වයකදී දුම්රිය මාර්ගයේ නිදාගෙන සිටි ගවයින් රංචුවක් මෙලෙස දුමිරියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ගවයින් 17දෙනෙකු මියගොස් ඇති අතර අයිතිකරුවන් පිරිසක් මියගිය ගවයින්ගේ සිරුරු රැගෙන ගොස් තිබෙනවා.
අයිතිකරුවන් ඉදිරිපත් නොවු ගවයින්ගේ සිරුරු චාවකච්චේරි ප්රාදේශීය සභාව රැගෙන ගිය බවයි මිරුසුවිල් ප්රදේශවාසීන් පවසන්නේ.
මීට දින කිහිපයකට පෙර පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු ප්රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් ගවයින් 18දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.
Share This Article