නිවසේ නතර වෙලා 13 හැවිරිදි දියණියවත් අඹුකමට ගන්න, අනියම් සැමියා කළ ඉල්ලීමට ඇහුම්කන් නොදුන් මවකට අත් වූ ඛේදනීය ඉරණම
Tuesday, 21 July 2020 - 15:02 | Views - 412

පුෂ්පා රම්‍යාණි ද සොයිසා කියන්නේ මුහුණූ පොතේ නිතර දෙවෙලේ සැරිසරන, කවුරුත් දැන අඳුනන හෙද නිලධාරිනියක්.
විශේෂයෙන්ම අපේ රටේ හුඟක් ව්‍යසන-වලදී ඇය පෙරමුණ ගන්නවා, තමන්ගේ හෙද ජීවිතේ ඈ මුහුණ දෙන අත්දැකීම් පළකරන්නියක් විදිහටත් ඇය කා අතරත් ජනප්‍රියයි. මේ ඇය විසින් මුහුණු පොතේ පළ කළ එවන් වූ සටහනක්..................
ප්‍රේම කිරීමේදී මතුවන ජීවිත තර්ජන.................
ඇයට වයස අවුරුදු 38 යි. ඇය ඉතාමත් සුන්දරයි ඇයගේ කුඩා දියණියත් අති සුන්දරයි.
මේ කාලයේදී වැඩිපුර සල්ලි හම්බ කරන්නට ඕන නිසා ඇයගේ ස්වාමියා රට රැකියාවකට ගියා..
කාලය කෙමෙන් ගෙවී ගියා..ඇයගේ ස්වාමියා රට ගිහින් දැන් වසර කිහිපයක් වෙනවා.
ඇය තනිපංගලමේ වැඩ කරගෙන පාඩුවේ සිටින අතරදී මුන ගැසෙන වයස අවු. 25ක තරුණයෙක් ඇයත් සමග මිත්‍ර වෙනවා .
යහමින් සල්ලි තිබුන ඇයට එදා සිට ඔහු ඇය වෙනුවෙන් බොහෝ වැඩ කර ඇයගේ හිත දිනාගන්නවා.
ඒ හිතවත්කමට ඇබ්බැහි වූ ඇය වැඩි හොදට ඇයගේ නිවසෙහි ඔහුට නවතින්නට ඉඩක් ලබා දෙනවා....
එය හිතවත්කමකට එහා ගිය දෙයක් සිදු වන්නේ ඉන් අනතුරුවයි...
දැන් ඔහු මෙම නිවසේ ආධිපත්යය පතුරලා අවසන්..
මේ වනවිට ඇයගෙ දියණියත් ඇහැට කනට පෙනෙන 13 හැවිරිදි සුන්දරියක්
ඇයව ඇස ගැටෙන විට මේ තරණයාට ක්ර්මක්රමයෙන් මව එපා වෙනවා..
දිනක් එහි උච්චම අවස්ථාවට පැමිණි ඔහු ඇයගෙන් ඉල්ලා සිටිනවා අපූරු ඉල්ලීමක්
“මට කෙල්ලව කසාද බන්දලා දෙන්න”මේ ඉල්ලීමෙන් ඇය දැඩි කම්පනයට ලක් වෙනවා
ඔහු මෙතෙක් කල් අනියමින් ඇසුරු කල ඇයගෙන් ඉල්ලා සිටින්නේ ඇයගේ 13 හැවිරිදි දියණියයි.
ඉන්පසු සියල්ල කනපිට ගැසුනි.
එම අවස්ථාවේදී ඇතිවූ බහින් බස්වීම දුර දිග ගොස් ඉන් අනතුරුව
ඇය නිහඩ වූයේ තම ලය පලා ගොස් කිදා බැසපු පිහියකිනි.........
කාන්සියට හේත්තුවූ ඔහුට පාන් කපා බටර් ගගා දීපූ පිහිය..
කුසගින්නට මස් මාලු කපා ඔහුට කන්නට දුන් පිහිය...
උයන විටත් එකට එක්වී විහිලු තහලු කල පිහිය..
අනියමේ වරදින් ඇගේ පපුව පලා දැමුවෙත් එම පිහිය...
ඇය මරණයට පත්විය.........
සියලු අත්දැකීම් වලින් ජීවිතය නිවැරදි කල යුගයයි මේ
දෙයක් සිදුවූ පසු දුක්වී පලක් නැත.
මෙවන් සිදූවීම් වලින් අන් අය මුදවන්න
සටහන
පුෂ්පා රම්යානි සොයිසා
Share This Article