මෙරට තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර්. සංඛ්‍යාව එක්ලක්ෂ 39,591ක්
Tuesday, 21 July 2020 - 13:47 | Views - 331
මෙරටින්, අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් 6 දෙනා ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් 2730ක් ලෙස පවතිනවා.

මේ වන විට කොරෝනා ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2041ක්.

එසේම වෛරසය ආසාදිතව තවදුරටත් 678 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53ක පුද්ගලයින් 5819 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

දැනට පුද්ගලයින් 24,460 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

ඊයේ දිනය තුළ මෙරට දී පී.සී.ආර්. පරීක්ෂණ 1130ක් සිදුකර ඇති අතර, මේ වන විට මෙරට තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර්. සංඛ්‍යාව එක්ලක්ෂ 39,591ක්.

එසේම දෝහා - කටාර් සිට තවත් පුද්ගලයින් 30 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top