කඩවසම් නළු, සුෂාන්ත්ගේ හිටපු පෙම්වතිය අන්කිටා, මරණයෙන් මසකට පසු නිහඬතාවය බිඳිමින් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන
Tuesday, 21 July 2020 - 12:32 | Views - 1,025
බොලිවුඩයම ගිනි අවුලවමින්, කඩවසම් නළු සුෂාන්ත් සිං පසුගිය දිනෙක සිය නිවසේ සිටියදී ජීවිතක්ෂයට පත් වුනා.
 
සියදිවි නසා ගැනීමක් ලෙස සඳහන් කළා වුනත් දැන් දැන් මේ මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් දක්වන්නට පටන් අරන්...

ඇතැමෙක් පවසන්නේ,
සුෂාන්ත්, බොලිවුඩයේ දැවැන්තයිගේ අඩත්තේට්ටම් හා හිරිහැර-වලට ලක් වී මිය ගිය බවයි. (සල්මන් හා කරන් ජොහාර් මෙහි ප්‍රධාන චෝදනා ලැබූවන්.)
 
තව පිරිසක් සඳහන් කරන්නේ, පෙරදී දිවි හානි කරගත් කළමනාකාරවරිය ගැන හිතේ කළකිරීමෙන් සුෂාන්ත් දිවි හානි කර ගත් බවයි.
 
තවත් පිරිසක් මත පළ කරන්නේ, සුෂාන්ත් ඔහුගේ පෙම්වතිය සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙසේ සිදුවූ බවයි.
 
කොහොම වුනත්, හිටපු රෝ නිලධාරිවරයෙකු මේ සියලු මතවාදවලට එරෙහි වුනු දෙයක් කියනවා.
 
ඔහු කියන්නේ සුෂාන්ත්ගේ මරණයට සිදු කළේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් බවයි. බොලිවුඩයේ තරු ගෙන්වා ගෙන දැවැන්ත ප්‍රසංග සිදු කරන එක්තරා ත්‍රස්ත නායකයෙකු මේ සඳහා නායකත්වය ලබා දුන් බව ඔහු කියනවා.
 
සුෂාන්ත්ගේ මරණය සිදු වූ දා ඔහුගේ නිවසේ සීසීටීවී ක්‍රියා විරහිත වීමත්, අමතර යතුර අස්ථානගත වීමත් ඔවුන්ගේ සැලසුමක් බව මෙම නිලධාරියා සඳහන් කරනවා. ඔවුන් විසින් සුෂාන්ත්ව ඝාතනය කර අනතුරුව එය සියදිවි හානිකරගැනීමක් ලෙස හුවා දැක්වූ බවයි ඔහු සඳහන් කරන්නේ.
 
කොහොම වුනත්, සුෂාන්ත්ගේ මරණය සිදු වී මාසයක් ගත වුනු තැන ඔහුගේ හිටපු පෙම්වතිය වන අන්කිටා ලොක්හන්දේ සමාජ මාධ්‍යවල සිය පළමු සටහන පළ කර තිබෙනවා.
 
එහි ඇය පහනක් දල්වා "දෙවියන්ගේ දරුවා" යනුවෙන් සටහනක් ද එක් කර තිබුනා.
 
ඡායාරූපයේ දැක්වෙන්නේ ගණ දෙවියන්, සායි බාබා හා වෙනත් දෙවිවරුන් ඉදිරියේ මෙසේ පහන් දල්වා ඇති ආකාරයයි.
 
සුෂාන්ත්ගේ මරණයෙන් පසු ඔහුගේ හිටපු පෙම්වතිය සමාජ මාධ්‍යයෙන් වසංවයි සිටියේ. දිගු කලකින් ඈ එක් කළ මේ සටහනට බොහෝ දෙනෙකු සංවේදී ප්‍රතිචාර දක්වා තිබුණා.
 
"ඔහු සඳහටම ඔබ සමඟ ඉන්නවා.. ඔබ දිහා බලාගෙන ඔබට ශක්තිය, ආදරය හා ආලෝකය ගෙන එනවා.."
 
සුෂාන්ත් හා අන්කිටා මුණගැසුනේ ඒක්තා කපූර්ගේ පවිත්‍රා රිෂ්ටා හි ප්‍රසංගයේ රූගත කිරීම්වලදීයි. ඔවුන් මනව් හා අර්චනාගේ චරිත රඟ පෑ අතර පසුව එකිනෙකා සමඟ ආදරයෙන් බැඳුනා.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top