බයිසිකලයක් ඇල්ලූ වරදට, පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී මහමඟ නිරුවත් කරමින්, නරුමයින් පිරිසක් කළ දේ, සමාජ මාධ්‍යයේ කතාබහට
Tuesday, 21 July 2020 - 11:55 | Views - 721
මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන ඉතා කම්පන සහගත වීඩියෝවකට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියනවා.
 
මෙම පුවත වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන්.

32 හැවිරිදි පුද්ගලයෙකුට මෙසේ අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කොට ඇත්තේ ඔහු විසින් "යතුරුපැදියක් ස්පර්ශ කළ" වරදටයි.
 
තරුණයින් 13 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම පහර දීමට සම්බන්ධ වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
 
මෙම පහර කෑමට ලක්වූ පුද්ගලයා විසින් ඔවුන්ට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ද කර තිබෙනවා.
 
තමා වැරදීමකින් බයිසිකලය ස්පර්ශ කළ බවත්, ඊට සමාව ඇයැද සිටි නමුත්, සැරයටි හා පාවහන් වලින් ඔවුන් තමන්ට පහර දී ඔහුගේ කලිසම පවා ගලවා දැමූ බවයි, ඔහු මෙම පැමිණිල්ල කරමින් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ පිරිසක් සඳහන් කරන්නේ, මෙය ඉන්දියාවේ සාමාන්‍ය සිදුවීමක් බවත්, එය දිනපතාම වගේ සිදුවන දෙයක් බවයි..

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.)
 
එම කම්පන සහගත වීඩියෝව පහතින් බලන්න.......


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top