රුසියාවෙනුත් හැක් කරන්න හැදූ බ්‍රිතාන්‍යයේ නවතම අත්හදා බැලීමෙන් ලැබුණූ ප්‍රතිඵලය
Tuesday, 21 July 2020 - 11:02 | Views - 269

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් සංවර්ධනය කරන ලද කොවිඩ් 19 එන්නත මූලික අදියරේ සායනික අත්හදා බැලීම්වලදී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් ඇස්ට්‍රාසෙනිකා ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක්ව නිපදවා ඇති ඒ ඉසෙඩ් ඩී 1222 ලෙස නම් කෙරුණු මෙම එන්නත ලබාදී ඇත්තේ ස්වේඡාවෙන් ඉදිරිපත් වූ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ටයි.
එහිදී ඔවුන් කිසිදු බරපතල අතුරු විපාක පෙන්නුම් කර නොමැති අතර, වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවා ඇති බවයි බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ඊයේ ප්‍රකාශයට පත් කෙරුණේ.
මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් වෛරසය පිළිබදව සටහනක් තබා ගනිමින් දිගුකාලීනව ඉන් රැකවරණ සලසන බව ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාඥයන්ගේ මතයයි.
කෙසේ නමුත් මෙම එන්නත මගින් කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි සාධනීය ආරක්ෂාවක් ලබාදෙන්නේ ද යන්න සහ එය කොතෙක් කල් පවතින්නේ ද යන්න පිළිබදව තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු බව ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥ ඇන්ඩෲ පොලාඩ් සඳහන් කළා.
ඔක්ස්ෆර්ඩ් සරසවි කොරෝනා එන්නතේ මාත්‍රා මිලියන 100ක් බ්‍රිතාන්‍ය විසින් දැනටමත් ඇනවුම් කර ඇති අතර, එන්නත නිෂ්පාදනය කිරීම සඳහා බ්‍රසීල සහ ඉන්දීය සමාගම් එකඟතා ගිවිසුම්වලට එළඹී ඇති බව සඳහන්.
එහි ඉන්දීය පාර්ශවකරු සඳහන් කර ඇත්තේ ඉන්දීය රජයෙන් බලපත්‍රය ලබා ගත් වහාම එහි එන්නත් පරීක්ෂාවන් ආරම්භ කිරීමට සූදානම් බවයි.
එමෙන්ම, එන්නත කඩිනමින් ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීමට ද ඔවුන් කටයුතු කරමින් සිටිනවා.
කොරෝනා වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් 100ක් පමණ සංවර්ධනය කරමින් පවතින අතර, ඉන් පෙරමුණ ගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොවිඩ් 19 එන්නතයි.
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වන විට එක්කෝටි 48 ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව හයලක්ෂ 12,500කට අධිකයි.
Share This Article