ලෝකෙටම අභිරහසක් වූ සුපිරි නළු සුශාන්ත්ගේ මරණය ගැන, හිටපු RAW නිලධාරියෙකු කළ ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව
Tuesday, 21 July 2020 - 10:37 | Views - 351
මීට මසකට පෙර සිදු වූ ඉන්දීය නළු සුසන්ත් සිං රාජ්පුට්ගේ මරණය මේ වන විට බොලිවුඩය උඩුයටිකුරු කරමින් ඉමහත් ආන්දෝලනයකට පත් කරවන කාරණාවක් බවට පත්වී තිබෙනවා.
 
එසේ වී තිබෙන්නේ සුසාන්ත්ගේ මරණය, පෙර ප‍්‍රසිද්ධ වූ අන්දමට සිය දිවිනසා ගැනීමක් නොව මිනීමැරුමක් බවට සාධක තැන් තැන්වලින් මතුව ඒම නිසයි.

හිටපු රෝ ඔත්තුසේවා නිලධාරියකු වූ එන්.කේ. සූද් ප‍්‍රකාශ කළේ සුසන්ත්ගේ සිද්ධියට විවිධ ජාලයන් සම්බන්ධ වී ඇති බවත් ඒ නිසා එය මහා අභිරහසක් බවට පත්ව ඇති බවත්ය.
 
සූද් පවසන්නේ සුසාන්ත්ගේ මරණය මිනීමැරුමක් බවත් එය පිටුපස සිටින්නේ ඩේවුඩ් ඊබ‍්‍රාහිම් බවත් ය. ඊබ‍්‍රාහිම් විසින් විදේශයන්හි පවත්වනු ලබන විවිධ ප‍්‍රසංග සඳහා බොහෝ බොලිවුඞ් නළු නිළියන් සහභාගි වන බවත් ඉන් ලැබෙන ආදායම අයි.එස්.අයි.එස්. සංවිධානයට බැරවන බවත් පවසන සූද් බොලිවුඩ් නළු නිළියන්ද ඒ සඳහා ඊබ‍්‍රාහිම්ගෙන් විශාල ගෙවීම් ලබන බවත් පවසනවා.
 
මේ ඩේවුඩ් ඊබ‍්‍රාහිම් යනු කවරෙක්ද?
 
ඩේවුඩ් ඊබ‍්‍රාහිම් යනු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා දරුණු ඝණයේ ත‍්‍රස්තවාදියෙක්. ඔහු මරා හෝ පණපිටින් අල්ලා දෙන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 25 ත්‍යාගයක් හිමිවන බව ඉන්දීය රජය ප‍්‍රකාශයට පත්කොට ඇත්තේ 1994 වර්ෂයේ පටන්.
 
ඒ 1993 දී බොම්බායේ සිදු වූ බෝම්බ පිපිරවීමේ සිද්ධියේ මහ මොළකරු ලෙස හඳුනාගත් පසුව. තවත් පාතාලයන් සමඟ 1976 දී ‘ඞී කම්පැනි’ නමින් අපරාධ සංවිධානයක් පිහිටුවා ගන්නා ඊබ‍්‍රාහිම් එමගින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එක්වෙනවා. පාකිස්ථානයේ හා ඉන්දියාවේ ක‍්‍රියාත්මක වන ඞී සමාගම, දේපල වෙළෙඳාම් හා සූදු ව්‍යාපාර සමාගමක් ලෙස පෙනී සිටිමින් බොලිවුඞ් සිනමා කර්මාන්තයටද ධනය ආයෝජනය කොට තිබෙන බව සඳහන්.
 
සුශාන්ත්ට ටෙලිෆෝන් මගින් විශාල ලෙස මරණ තර්ජන ලැබී තිබුණු බවත් ඔහු 50 වතාවකටත් වඩා සිය සිම්පත මාරුකොට ඇති බවත් දැන් හෙළිදරව් වී තිබෙනවා. මේ මරණ තර්ජන නිසා ඔහු කොතරම් බියකින් හා පීඩනයකින් සිටියාද කිවහොත් ඔහු බොහෝ විට රාත‍්‍රිය ගතකොට ඇත්තේ සිය මෝටර් රථයේයි. ඒ නිවසේදී තමන් මරා දැමිය හැකි යැයි තිබූ බිය නිසා.
 
සුද් පවසන්නේ සුශාන්ත් මරා දමා ඇත්තේ වෘත්තීය අපරාධකරුවන් බව පැහැදිළි වන්නේ මේ සිද්ධියට පෙර දින සීසීටීවී කැමරා පද්ධතිය ක‍්‍රියා විරහිත වීම හා සුශාන්ත්ගේ නිවසේ අමතර යතුරු අතුරුදන් වීම සැළකිල්ලට ගෙනයි.
 
හිටපු රෝ නිලධාරියා චෝදනා කරන්නේ සුශාන්ත්ගේ පෙම්වතිය රෙහා චක‍්‍රබෝති, සමීපතම මිතුරා සංදීප් සිං සහ නිවසේ සේවකයා සුශාන්ත් පෙලූ මේ කරදර හොඳින් දැන සිටියද ඔවුන් ඔහුගෙන් ඈත්වී ඔහුව තනි කොට ඇති බවයි.
 
සිය ප‍්‍රකාශය වීඩියෝවක් ලෙස අන්තර්ජාලයට මුදාහැර ඇති සූද් එහිදී බොලිවුඩයේ ප‍්‍රබලයන් වන කරන් ජොහාර් හා සල්මන් ඛාන් ගේ නම් ද සඳහන් කොට ඇති නමුත් ඊට වඩා වැඩි විස්තරයක් සඳහන් කොට නැහැ.
 
මුම්බායි පොලිසිය මෙම සිද්ධිය අවංකව විමර්ශනය කරන බවට සංදර්ශනයක් කළ ද සත්‍ය වන්නේ ඔවුන් වැරදිකරුවන් බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටීම බව සූද් චෝදනා කරනවා.
 
මේ අතර කලඑළියට පැමිණ ඇති තවත් සිද්ධියක් වනුයේ සල්මන් ඛාන් විසින් ඓශ්චර්යා රායිට දුරකථනයෙන් තර්ජනය කරන හඬ පටයක් සමාජ මාධ්‍යවල සංසරණය වීමයි.
 
එහිදී පැවසෙන්නේ සැඟවී සිටින පාතාල සාමාජිකයකු වන සලීම් නැමැත්තකු විසින් සංවිධානය කරන ප‍්‍රසංගයකට සහභාගි වන ලෙස ඛාන් විසින් ඓශ්චර්යාට කරන බල කිරීමකුයි. හඬ පටයෙහි සංවාදය ආරම්භ වන්නේ ඛාන් විසින්, ”ඔබ සලීම්ගේ ෂෝ එක කරනවාද? නැද්ද?... මට දැන ගැනීමට අවශ්‍ය ඔබ සලීම්ගෙ ෂෝ එක කරනවාද? නැද්ද?’’ යනුවෙන් කරන තර්ජනයකින් බවයි පැවසෙන්නේ. ඒ සමඟම ඛාන්, තමන්ට ඬේවුඞ් ඊබ‍්‍රාහිම් සමඟ ඇති සබඳතා ගැනද සඳහන් කරන බවද පැවසෙනවා.
 
සුශාන්ත් සිද්ධිය මෙසේ මහත් අවුල් ජාලයකට පිවිසෙන අතර සුශාන්ත්ගේ රසිකයන් පිරිසක් විසින් පළකරන සමාජ මාධ්‍ය පිටුවක් තවත් ආන්දෝලනයක් ඇති කරමින් පවසන්නේ ඔවුන් අතීන්ද්‍රිය ලෝකය හා ගනුදෙනු කරන අධිමානසික ශක්තියකින් යුත් කණ්ඩායමක් හා එක්ව සුශාන්ත්ගේ ආත්මය සමඟ කතාබහ කළ බවයි.
 
එහිදී එම ආත්මය පවසා ඇත්තේ තමන් සිය දිවි නසා නොගත් බවත් තිදෙනකු එක්වී තමන්ට පහර දී විදුලි පංකාවෙහි එල්ලූ බවයි. පහර දුන් තිදෙනා හඳුනා ගත්තේදැයි ඇසූ ප‍්‍රශ්නයට සුශාන්ත්ගේ ආත්මය පවසා ඇත්තේ තිදෙනාගෙන් එක් අයෙකු හැඩිදැඩි පුද්ගලයෙකු වූ බවත් ඔහු සල්මාන් ඛාන්ගේ ආරක්ෂකයකු ලෙස තමන් හඳුනාගත් බවත්ය.
 
අනෙක් දෙදෙනා වනුයේ දින කිහිපයකට ඉහත තම නිවසේ විදුලි අළුත්වැඩියාවක් පිණිස යැයි පැමිණි අයෙකු හා තම පෙම්වතිය වන රෙහා බවයි. පෙම්වතියට තමන් ඝාතනය කරන්නට ඇති උවමනාව කුමක්දැයි තමන්ට නොතේරෙන බව පැවසූ සුශාන්ත්ගේ ආත්මය හඬා වැටුණු බව එම සමාජ මාධ්‍ය පිටුවේ සඳහන්.
 
කෙසේ වෙතත් එම තොරතුරු මිථ්‍යා විශ්වාස ඇසුරෙන් පවසනා ඒවා බැවින් බොහෝ දෙනකු ඒවා අවඥාවෙන් බැහැර කළත් තවදුරටත් සටහන් තබන එම රසික පිරිස පවසන්නේ එම තොරතුරු සනාථ කිරීම පිණිස ඔවුන් භෞතික සාක්ෂි සෙවීම අරඹා ඇති බවයි.
 
එසේම එම සාක්ෂි ලැබෙමින් පවතින බවයි. සුශාන්ත්ට යුක්තිය ඉටුකිරීම පිණිස වරදකරුවන් හසුවන තෙක් තම ව්‍යායාමය අත් නොහරින බවත් ඔවුන් පවසනවා. සුශාන්ත් සිං රාජ්පුට්ගේ මරණය පිළිබඳ සිද්ධිය මෙසේ දිනෙන් දිනම සංකීර්ණ වන බවයි පෙනෙන්නට තිබෙන්නේ.
 
නිමල් ෆ‍්‍රැන්සිස්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "දිවයින" පුවත්පතෙන්..


EXCLUSIVE: Sushant Singh Rajput death investigation reveals ...This is the real name of Sushant Singh Rajput's ex-girlfriend ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top