මවගේ අනියම් සැමියා අතින් අපයෝජනය වූ පාසල් සිසුවිය, උසාවියේදී කළ හෙළිදරව්ව
Tuesday, 21 July 2020 - 9:36 | Views - 597
13 වසරේ ඉගෙනුම ලබන 18 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කළ එම දැරියගේ මවගේ අනියම් සැමියා අද (20 දා) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පසුගියදා නියෝග කළා.
ගම්පහ ඉහළ ඉඹුල්ගොඩ ව්‍යාපාරිකයකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.
වින්දිත දැරිය සහ ඇගේ මව කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටින බවත්, මවගේ අනියම් සැමියා වන සැකකරු රාත්‍රීය ගත කරනු ලබන්නේ දැරිය සහ මව සිටිනා කමරයේ බවත් සඳහන්.
ගම්පහ මූල්‍ය ආයතනයක සේවය කරන දැරියගේ මවට වින්දිත දැරිය විසින් සැකකරුගෙන් සිදුවන අතවරය බුදු පහන ළඟ දිවුරා ප්‍රකාශ කර ඇතත් මව ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බවට අධිකරණයේ දී සඳහන් වුනා.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.
මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
උපුටා ගැනීම - දිවයින පුවත්පත
Share This Article