මවගේ අනියම් සැමියා අතින් අපයෝජනය වූ පාසල් සිසුවිය, උසාවියේදී කළ හෙළිදරව්ව
Tuesday, 21 July 2020 - 9:36 | Views - 598
13 වසරේ ඉගෙනුම ලබන 18 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කළ එම දැරියගේ මවගේ අනියම් සැමියා අද (20 දා) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා පසුගියදා නියෝග කළා.
 
ගම්පහ ඉහළ ඉඹුල්ගොඩ ව්‍යාපාරිකයකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

වින්දිත දැරිය සහ ඇගේ මව කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටින බවත්, මවගේ අනියම් සැමියා වන සැකකරු රාත්‍රීය ගත කරනු ලබන්නේ දැරිය සහ මව සිටිනා කමරයේ බවත් සඳහන්.

ගම්පහ මූල්‍ය ආයතනයක සේවය කරන දැරියගේ මවට වින්දිත දැරිය විසින් සැකකරුගෙන් සිදුවන අතවරය බුදු පහන ළඟ දිවුරා ප‍්‍රකාශ කර ඇතත් මව ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බවට අධිකරණයේ දී සඳහන් වුනා.
 
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.
 
මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
උපුටා ගැනීම - දිවයින පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top