කොහොඹ අත්තකට බිළිවූ සිඟිත්තිය
Tuesday, 21 July 2020 - 8:27 | Views - 927
පවතින අයහපත් කාළගුණ හමුවේ ඇති වූ සුළං තත්ත්වය මත, ගසක් කඩා වැටීමෙන් එහි අත්තකට යටවී කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වවුනියාව ප්රදේශයේ ඊයේ (20) සිදුවූ මෙම අවාසනාවන්ත අනතුරෙන් මියගොස් ඇත්තේ අවුරුදු එකයි මාස අටක් වයසැති දැරියක්.
කොහොඹ ගසක් කඩා වැටී සිදුවූ මෙම අනතුරෙන් මියගිය දැරියගේ වයස අවුරුදු 08ක් සහ 10ක් වන සහෝදරියන් දෙදෙනා ද තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
මියගිය දැරියගේ මළ සිරුර වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබූ දැරියන් ද වවුනියාව රෝහලේ ප්රතිකාර ලබනවා.
කනගරායන්කුලම පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Share This Article