මාස නවයක් වයසැති දැරියක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට
Tuesday, 21 July 2020 - 8:21 | Views - 713
යාපනය, අනලතීව් ප්‍රදේශයේ මාස නවයක් වයසැති දැරියක් විදුලි සැර වැදීමෙන් ඊයේ (20) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
නිවස තුළ සවිකර තිබූ වතුර මෝටරයේ සිදුවූ විදුලිය කාන්දුවකින් ඇය මෙලෙස මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
විදුලි සැර වැදුනු ඇය යාපනයේ, අනලතිව් මූලික රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිටි බවයි වෛද්‍යවරු පැවසුවේ.
අනලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Share This Article