කොවිඩ් 19 මරණ අනුපාතය අවම කරන නව ප්‍රතිකර්මයක්
Tuesday, 21 July 2020 - 8:19 | Views - 2,608
නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ මරණ අනුපාතය අඩු කරන ඒරසොල් හෙවත් කුඩා අංශු විසුරුම් ඖෂධයක් පිළිබදව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.
අහඹු ලෙස තෝරා ගත් කොවිඩ් 19 ආසාදිතයන් 100 දෙනෙකුට මෙම ඖෂධය ලබාදීමෙන් ඉන් 79 දෙනෙකුටම බරපතල තත්ත්වයක් ඇති වීම වැළකුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම, කොවිඩ් 19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ අය අතුරින් මෙම ඖෂධය ලබාදුන් රෝගීන් ඉහළ ප්‍රතිශතයක් ගන්නා බව සඳහන්.
එය අනෙකුත් ඖෂධ ලබාදී සුවය ලැබූවන් මෙන් දෙගුණයක්.
එස්.එන්.ජී. 001 ලෙස නම් කර ඇති මෙම ඖෂධය නාසය හරහා ඍජුවම පෙනහළුවලට ලබාදීමෙන් කොවිඩ් 19 වෛරසය නිසා පෙනහළු දුර්වල වූ රෝගීන් පවා ප්‍රකෘතිමත් වූ බවයි සිනර්ජන් නැමති ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක රිචඩ් මාස්ඩෙන් ප්‍රකාශ කළේ.
Share This Article