මහනුවර ඇසල මංගල්‍යයේ කප් සිටුවීම අද - කතරගම දේවාලයේ පෙරහැරත් ඇරඹේ
Tuesday, 21 July 2020 - 8:14 | Views - 521
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මෙවර ඇසළ මංගල්‍යයේ කප් සිටුවීම අද අලුයම යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණා.

සිව් මහා දේවාලවල කප් සිටුවීම සඳහා මහනුවර විෂ්ණු දේවාලය කරා කප සහිත පෙරහර වැඩම කරවීම සිදු කෙරුණේ ඊයේ පස්වරුවේයි.  

ඒ අනුව මහනුවර ඇසළ මංගල්‍යයට අදාළව දේවාල අභ්‍යන්තර පෙරහැර 5ක් අද සිට පැවැත්වීමට නියමිතයි.

එසේම ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර මේ මස 25 වන දා ආරම්භ වන අතර එය මේ මස 29 අවසන් වනවා.

පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය කෙරෙන්නේ මේ මස 30 වන දායි.

අගෝස්තු 3 වන දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කෙරෙනු ඇති.

මෙවර පෙරහැර කටයුතු සියල්ල ජනතා සහභාගීත්වයකින් තොරව සිදුකෙරෙන බව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මීට පෙර ප්‍රකාශ කර සිටියා.

මේ අතර, ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව අද කතරගම දේවාලයේ පළමු පෙරහැර පැවැත්වෙන අතර, අගෝස්තු මස 4 වනදා මැණික් ගෙඟ් දිය කැපීමෙන් මෙවර කතරගම ඇසළ මංගල්‍යය අවසන් වනු ඇති.

කතරගම පෙරහැර පැවැත්වෙන කාලසීමාව පූර්ණ වශයෙන් මහජනතාවට ආගමික කටයුතු සඳහා සහභාගිවීමට හෝ නැරඹීමට අවස්ථාව හිමි නොවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top