වලස්මුල්ලේ භූගත බංකරය පාතාල කල්ලි සාමාජිකයෙකුගේ බව හෙළිවෙයි
Tuesday, 21 July 2020 - 8:08 | Views - 765
වලස්මුල්ල - බෝවල ප්‍රදේශයේ නිවසක භූ ගත බංකරයක සඟවා තිබූ හමුදා ඇඳුම් කට්ටල කිහිපයක්, ගිනි අවි, ජීව උණ්ඩ සහ තියුණු ආයුධ ඇතුළු තවත් උපකරණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (20) සිදුකළ වැටලීමකදී සොයා ගැනුණා.

යුද හමුදා ඇඳුම් කට්ටල වලට අමතරව ලාංඡන, ටී - 56 වර්ගයේ උණ්ඩ 103ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, තියුණු ආයුධ සහ ජීව අත්බෝම්බයක් ඒ අතර වනවා.

මෙම බංකරය සහිත නිවස පාතාල කල්ලි සාමාජිකයෙකුට අයත් බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාතාල කල්ලි සාමාජිකයෙකු ද ප්‍රදේශයේ සිදුකළ තවත් වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබුවා. වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි එම සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top