ගංවතුරෙන් පීඩා විඳින ඉන්දියාව
Monday, 20 July 2020 - 21:47 | Views - 253
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මෝසම් වැසිත් සමග ඇති වූ ජල ගැලීම් වලින් පුද්ගලයන් 84 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති අතර, මිලියන 2.75 ක ජනතාව අවතැන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
එමෙන්ම, පසුගිය දින 10 තුළ දියේ ගිලී මියගිය දුර්ලභ රයිනෝසිරස් සත්ත්වයන් 9 දෙනකෙුගේ සිරුරු සොයා ගැනීම සඳහා ඇසෑම් බලධාරින් මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
මේ අතර, බිහාර් ප්‍රාන්තයේ අකුණුසැර වැදී තවත් පුද්ගලයන් දස දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
පසුගිය සති තුන තුළ එලෙස බිහාරයේ අකුණුසැර වලින් මියගිය සංඛ්‍යාව 160 කට අධිකයි.
Share This Article