තවදුරටත් පළාත් 5කට තද වැසි
Monday, 20 July 2020 - 18:54 | Views - 457

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට තවදුරටත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ අවදානමක් ද නිකුත් කර තිබෙනවා.
වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12ක පුද්ගලයින් 11,000කට ආසන්න පිරිසක් මේ වන විට පීඩාවට පත්ව ඇති බව සඳහන්.
දිවයිනේ පළාත් 4කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරි පැය 12තුළද පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5කට නායයාමේ අනතුරු ඇඟවීම් අද පෙරවරුවේ නිකුත් කෙරුණා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එහි වැඩිදුරටත් සඳහන් වූයේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි.
ගෙවුණු පැය 24ක කාලය තුළ මිලිමීටර් 219ක වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශයටයි.
ගාල්ල, හියාරේ ප්‍රදේශයෙන් මිලිමීටර් 160ක වර්ෂාවක් වර්තාවුණා.
මේ අතර වර්ෂාව සමඟ ගාල්ල - බද්දේගම මාර්ගය හිරිඹුර සහ කහදූවවත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ගියා.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ඇත්කඳුර ප්‍රදේශයෙන්ද මිලිමීටර් 137.5ක වර්ෂාපතනයක් හා කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න ප්‍රදේශයයෙන් මිලිමීටර් 117ක වර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර අද පෙරවරුවේ ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිරුළපන මංසන්ධිය ජලයෙන් යටවුණු අතර හයිලෙවල් මාර්ගයේ රථවාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වුණා.
අද පෙරවරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය සම්බන්ධයෙන්ද නිවේදනයක් නිකුත් කළා.
එහි දැක්වුණේ දිවයිනට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක බවයි.
ඇතැම් ස්ථානවල තද වැසි ඇතිවිය හැකි අතර සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශවල මුහුද රළුවීමට වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ දැක්වෙනවා.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වාවන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩිවිය හැකියි.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5කට නායයාමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද පෙරවරුවේ නිකුත් කළා.
එහි දැක්වෙන්නේ කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවදානම් නිවේදනය බලපැවැත්වෙන අතර එය හෙට උදෑසන 9 දක්වා වලංගුවන බවයි.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ කොළඹ දෙසට වන මංතීරුවේ ගමනාගමන කටයුතු අත්හිටුවා තිබෙනවා.
Share This Article