මම අනාගතයේ මිලියනපතියෙක් වෙනවා.. - බ්‍රිතාන්‍යයේ ලාබාලම ව්‍යයාසයකයාගේ වයස අවුරුදු 6යි
Monday, 20 July 2020 - 16:17 | Views - 354
බ්‍රිතාන්‍යයේ ලාබාලම ව්‍යවසායකයාගේ වයස ගැන ඇහුවොත් ඔබ ඇත්තටම මවිතයට පත් වේවි. එක්සත් රාජධානියේ කෝන්වෝල් හි ‘රෙඞ්රුත්’ ප්‍රදේශයේ පදිංචි ‘‘ඇල්ෆි බ්‍රැඩ්ලි’’ (Alfie Bradley)ගේ වයස අවුරුදු 6 කි. ඒත් ඔහුගේ අනාගත අපේක්ෂාවන් ඔහු තරම් ළපටි නැත. දැනට තමා පුංචි ‘බ්‍රැඩ්සන්’’ යැයි හඳුන්වා ගන්නා ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ අනාගත මිලියනපතියකු වීමටයි.

මේ වෙනුවෙන් පුංචි බ්‍රැඩ්ලි තෝරාගෙන ඇත්තේ උද්‍යාන අලංකාර කිරීමේ පුංචි ව්‍යාපාරයකි. තමා ජීවත්වෙන වටපිටාවෙන් උයන් අලංකරණය පිළිබඳව ඔහු හුරුව ලැබුවේ වයස අවුරුදු හතරක් වැනි පුංචි වයසේ පටන්ය. ඔහුගේ මව ‘‘එමී’’ සඳහන් කරන්නේ තම පුතු කුඩා කාලයේදී කතා කිරීමේ අපහසුතාවකින් පසු වූ නිසා ඔහු බොහෝ විට බාහිර සමාජයට සම්බන්ධ නොවී හුදෙකලාව කාලය ගත කළ බවයි.

මේ නිසාම බාල වයසේදී තමාගේ ගෙවත්ත අලංකාර කිරීමට බ්‍රැඩ්ලි යොමු වූයේ අහඹු සිදුවීමක් ලෙසටයි. නොදැණුවත්ව පටන්ගත් මේ හැකියාව වැඩිදියුණු වෙත්ම බ්‍රැඩ්ලි තම අසල්වැසියන්ගේ ගෙවතු පවා අලංකරණයට යොමු වීමත් සමග නොදැනීම ව්‍යාපාරික ගති ලක්ෂණ ඔහු වෙතින් පහළ විය. පසුගිය කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ එක්සත් රාජධානිය ලොක්ඩවුන් කිරීමත් සමග නිවසේ හුදෙකලාව සිටි බ්‍රැඞ්ලි තමාගේ උද්‍යාන අලංකරණය ව්‍යාපාරයක් ලෙසින් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

ඔහුගේ ෆේස්බුක් පිටුවක් ඔස්සේ තම ව්‍යාපාරය ප්‍රවර්ධනය කළේය. එතැන් පටන් බ්‍රැඩ්ලි තමාගේ හැකියාව වෙනුවෙන් මිලක් නියම කිරීමට පටන් ගත්තේය. එක් දිනක් ඔහුගේ පියා තණකොළ කපන යන්ත්‍රයක් ගෙනැවිත් එය සවිකර ගත නොහැකිව සිටින විට පුංචි බ්‍රැඞ්ලි පියාට සවිකර ගත නොහැකි තණකොළ කපන යන්ත්‍රය අපූරු ලෙසින් සවි කරන ලදී.

දැන් ඔහු ගෙවතු අලංකරණය ව්‍යාපාරික මටට්මින් කරගෙන යන පුංචි ව්‍යවසායකයෙකු බවට පත්ව ඇත. ඔහුට ස්ථිර ගනුදෙනුකරුවන් ජාලයක් නිර්මානය වී තිබේ. පවුම් දහයක් වැනි මුදලක් ඔහු අයකරන අතර වැඩිහිටියන්ට සහ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ නියුතු පුද්ගලයන් වෙනුවෙන් මිල වට්ටම් ක්‍රමයක්ද හඳුන්වා දී තිබේ.

එපමණක් නොවේ... ඔහුගේ ව්‍යාපාරික බුද්ධිය කොතරම් මුහුකුරා ගොස්ද කිවහොත් ලබන ආදායම නැවත ව්‍යාපාරයටම ආයෝජනය කරනු මිසක එය කිසිම විටෙක පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් වියපැහැදම් කරන්නේ නැත. ඒ මුදල නැවත නැවතම ව්‍යාපාරයට ආයෝජනය කරන බ්‍රැඞ්ලි මේ වන විට තමා වෙනුවෙන් නිල ඇඳුමක්ද නිර්මානය කර ගෙන අවසානය.

ව්‍යවසායකත්වයට වයසක් නැති බව සඳහන් කරන බ්‍රැඩ්ලි ඔහුගේ 83 හැවිරිදි සීයා බැව් සඳහන් කරයි. මේ තරම් වියපත්ව සිටින බ්‍රැඩ්ලිගේ සීයා තවමත් මෝටර් රථ ටින්කර් කිරීමේ කටයුතුවල නිරතව සිටීම ඒ වෙනුවෙන් හොඳම උදාහරණය බැව් සඳහන් කරයි.

මම අනාගතයේ මිලියනපතියෙක් වෙනවා... එදාට මගේ පියාට සහ මාමාට ස්වාධීන ව්‍යාපාරයක් කරගෙන යෑම වෙනුවෙන් ගරාජයක් මිලයට අරගෙන දීමේ අරමුණ ඇති බැව් සඳහන් කරයි.

ඔහුගේ මව ‘‘එමී’’ තම පුතුගේ අනාගත අපේක්ෂාවන් ගැන සඳහන් කරමින් කියා සිටින්නේ මගේ පුතාට අවශ්‍ය තවත් රිචඩ් බ්‍රෑඩ්සන් කෙනෙක් වීමටයි..

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top