පස් කඳු කඩා වැටීමෙන් බදුල්ල - මහිංගනය මාර්ගයේ ගමනාගමනයටත් බාධා
Monday, 20 July 2020 - 15:54 | Views - 692
වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටීම හේතුවෙන් බදුල්ල - මහියංගනය මාර්ගයේ ස්ථාන කිහිපයකින් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිඳ හා ඒ අවට ප්රදේශවලින් මාර්ගයට මෙලෙස පස් කඳු කඩා වැටී ඇති බවයි.
කෙසේ වෙතත්, මේ වන විට එක් මංතීරුවක් ඔස්සේ ගමනාගමනය සිදුවන බවයි හිරු වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article