පැල් රැකීමට ගිය පාසල් සිසුවෙකුගේ සිරුරක් ඇළ මාර්ගයකින් හමුවෙයි
Monday, 20 July 2020 - 13:22 | Views - 1,561
පුත්තලම - සාලියවැව - ඉහළ පුලියන්කුලම - මීගස්වැව ප්‍රදේශයේදී ඇළ මාර්ගයකට වැටී ජීවිතක්ෂයට පත්ව සිටියදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඥාති පුද්ගලයෙකු සහ තවත් අසල්වැසියෙකු සමඟ ඊයේ රාත්‍රි අදාළ සිසුවා රටකජු වගාවක පැල් රැකීමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ශරීර කෘත්‍යයක් සඳහා බැහැරට ගිය සිසුවා බොහෝ වේලාවක් යනතෙක් නොපැමිණීම හේතුවෙන් සොයාබැලීමේදී වෙල්යායක් ආසන්නයේ ඇළ මාර්ගයක තිබී සිසුවාගේ සිරුර සොයාගනු ලැබුවා.
Share This Article