හමුදා සෙබළෙකුට මරු කැඳවූ නුගේගොඩ ගුවන් පාලම මත සිදුවූ මාරක අනතුරේ CCTV දර්ශණ මෙන්න
Monday, 20 July 2020 - 13:12 | Views - 16,404
නුගේගොඩ ගුවන් පාලම මතදී අද පෙරවරුවේ යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වී සිදුවූ අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී පනාගොඩ දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ හමුදා සෙබළායි.
ඔහු අම්බලන්ගොඩ - වතුරවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණා.
මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article