හමුදා සෙබළෙකුට මරු කැඳවූ නුගේගොඩ ගුවන් පාලම මත සිදුවූ මාරක අනතුරේ CCTV දර්ශණ මෙන්න
Monday, 20 July 2020 - 13:12 | Views - 16,405
නුගේගොඩ ගුවන් පාලම මතදී අද පෙරවරුවේ යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වී සිදුවූ අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී පනාගොඩ දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ හමුදා සෙබළායි.

ඔහු අම්බලන්ගොඩ - වතුරවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණා.

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top