මාස හයකට පසු චීනයේ සිනමාහල් ඇරේ
Monday, 20 July 2020 - 11:35 | Views - 368
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග වසා දැමුණු චීනයේ සිනමාශාලා අද සිට යළි විවෘත කර තිබෙනවා.
ඒ මාස හයකට පසුවයි.
කොරෝනා අවදානම අඩු ප්‍රදේශවල අද සිට විවෘත කෙරෙන සිනමා ශාලාවන්හි ප්‍රේක්ෂක සංඛ්‍යාවද සීමා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය සිදු කෙරෙන අතර, සිනමාශාලාව තුළ ආහාරපාන ලබාගැනීම තහනම් කර තිබෙනවා.
ලොව චිත්‍රපට කර්මාන්තය තුළ දෙවන විශාලතම චිත්‍රපට වෙළඳපොල පවතින්නේ චීනයේ වන අතර, පසුගිය වසරේ එරට තුළ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.2ක්.
Share This Article