පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර මාතර සිට කොළඹ දෙසට ගමන් කරන කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා.
කෙසේ වෙතත් කොළඹ සිට මාතර දක්වා ගමන් ගන්නා මංතීරුවේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
එමෙන්ම පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට හෙට උදෑසන 9 දක්වා මෙම නායයෑම් අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි.


