අලුත විවාහ වී මංගල රාත්‍රීය ගෙවන්න ගිය, අමා සහ සරත්ට මුණගැහෙන, ආදරය නිසා දිවිනසාගත් සුබාගේ භූතාත්මය කරපු දේ
Monday, 20 July 2020 - 9:46 | Views - 29,199
විශ්වාසය හා අවිශ්වාසය අතර ජීවිතය දෝලනය වෙද්දි මිනිසුන් වැඩිපුරම විශ්වාසය තැබුවේ විශ්වාස කළ නොහැකි දේවල් මතයි..
 
තර්කයට බුද්ධියට හසු නොවන අදෘශ්‍යමාන ගුප්ත බලවේග දෘෂ්‍ය මානයේ පවතින ජීවිත-වලට කරන බලපෑම කලක සිටම මිනිසුන් අත්විඳ තිබුණා.
 
ඒ.. අත්දැකීම් ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ විශ්වාසයන් ගලා ගියා. විටෙක රාත්‍රීයේ අඳුරේ හුදකලාවේ පාළු මංසන්දියේ සුසාන භූමියේදී අදෘශ්‍යමාන බලවේග භූත ප්‍රේත හොල්මන් අවතාර ලෙසින් කළ බලපෑම ගැන වඩා වඩාත් විශ්වාස කරමින් භීතියට පත් වී තිබුණා.

මරණයෙන් පසු මරණයෙන් පිබිදුණු විශ්වයේ සැරිසරන අදිසි ගුප්ත බලවේග සොයා යන.. නවතම ටෙලිවිෂන් රූ මාලාවයි... "අඳුරු සෙවනැලි".
 
හිරු ටීවී නිෂ්පාදනයක් ලෙසින් දිග හැරෙන, "අඳුරු සෙවනැලි" අද්භූත ටෙලි නාට්‍ය මාලාව, සෑම අඟහරුවාදාවකම රාත්‍රී 10.30 ට හිරු TV ඔස්සේ විකාශනය වනවා.
 
අමා සහ සරත්... අලුත විවාහ වූ යුවළක්. විවාහයෙන් පස්සේ මධුසමයට යන්න ඔවුන් තෝරගත්තා අපූරු තැනක්..
 
මේ කතාව පටන් ගන්නේ එතැනින්.. අමාගෙත් සරත්ගේ ආදර අන්දරය මහා ලස්සනක් තියනවා වුනත්, ඒ වෙනකොටත්.. ඒ කතාව අවලස්සන කරන්න සුදානම් වෙච්ච "එක්තරා ආත්මයක්" ඔවුන් වෙනුවෙන් සුදානමින් මඟ බලාගෙන හිටියා.
 
සරත්, තමන්ගේ බිරිඳව මේ එක්කරගෙන එන්නේ ඔහුට හොඳින් හුරු පුරුදු තැනකටයි. ඉතින්.. ඒ අඩවියට මේ නාඳුනන්නිව එක්කන් ආපු එක ගැන, හැංඟිච්ච ආත්මෙට දැණුනේ තද කෝපයක් සහ තමන් ගැනම වුනු ආත්ම අනුකම්පාවක්..
 
මධුසමයේ හෝටලයට අයිතිකම් කිව්වේ බණ්ඩාර කියන සරාගේ (සරත්ගේ) හොඳම මිත්‍රයා. කැම්පස් කාලේ යාළුවා. මේ නුහුරු නවාතැනේ පළමු රාත්‍රීය සතුටින් ගත කරන්න හැදුවා වුනත්... සරාට තමන්ගේ මනස කවුරුන් හෝ පාලනය කරනවා වගේ දැනෙන්න ගත්තා.
 
මේ දේ.. අමාටත් නොදැණුනා නෙවෙයි. තමන්ට අයිති කියලා හිතන "සරාව" කවුරුන් හෝ කෙනෙක් රිද්දගන්න ගන්නවා කියලා අමාට දැණුනා. ඒත්.. ඒක හිස්තැන් පිරවීමක් වගේ.. අඩුලුහුඬුකම් බොහෝමයක් පිරිච්ච ප්‍රහේළිකාවක් විතරක්ම වුනා.
 
ඉතින්.. සරා හීනෙනුත් ඒ නම කියවන්න ගත්තා.. "සුබා...........................!!"
 
ඒ සුබා ගැන.. ඇත්තම කතාව අමාට ඊට පස්සෙ දැන කියා ගන්න ලැබුනා. සුබා කියන්නේ ද්‍රවිඩ තරුණියක්. ඈටත් සරාටත් පෙම් පළහිලව්වක් තිබුණා. ඒත් මේ ආදර කතාවට ඔවුන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත තිබුණේ නැහැ. මෙන්න මේ හේතුව නිසාම... ඔවුන් තීරණය කරනවා ජීවිතේ නැති කරගන්න..
 
එදා දෙන්නම ඒ විදිහට තීරණය කළා වුනත්.. සරා නොමැරී බේරෙනවා. තමන්ට මැරෙන්න ඇරලා ජීවිතේ බේරගත්තු මේ මනුස්සයා තමන්ගේ ඇස් ඉස්සරහා වෙනත් එකියෙකුගේ තුරුළේ ඉන්නවා බලන එක සුබාට කරන්න බැරි වුනා..

සුබාගේ කතාවේ ඉතිරි හරිය බලන්න මේ වීඩියෝවෙන්..........
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top