පෙමකට රහවැටි මුදල් සහ රන් ආභරණ අහිමිකරගත් තරුණිය පොලිසියට පැමිණිල්ලක් කරමින් කියු දේ
Monday, 20 July 2020 - 9:37 | Views - 345
තරුණියක විවාහ කරගන්නා බව පවසමින් රන් පවුම් 30ක් සහ රුපියල් ලක්ෂ 5ක මුදල් වංචාවක් සිදු කළ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ, කන්‍යාකුමාරි ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 28ක තරුණයෙක් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
 
අදාළ තරුණිය සිදු කළ පැමිණිල්ලක් මතයි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
 
28 හැවිරිදි තරුණිය සමඟ මොහු ඉතා සමීපව ආශ්‍රය කර ඇති බවත්, ඇයගෙන් ව්‍යාපාර දියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ රන් පවුම් 30ක ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් සඳහන්.
 
ඇය පොලිසිය වෙත ප්‍රකාශ කර තිබුණේ, තමන්ව විවාහ කරගන්නා බවට පවසමින් මෙලෙස මුදල් වංචාවක් සිදු කළ බවයි.
 
මෙම කාන්තාව මීට පෙර විවාහවී දික්කසාද වූ අයෙකු බව ද වාර්තා වනවා.
 
කෙසේ වෙතත් මොවුන් දෙදෙනා විනෝද ගමන් යමින් කාලය ගත කළ බවද ඇය පොලිසියට සිදු කළ පැමිණිල්ලේ දක්වා තිබෙනවා.
 
තමන්ව විවාහ කරගන්නා බවට පැවසීම සම්බන්ධයෙන් අදාළ තරුණයාගෙන් විමසා සිටි බවත්, එහිදී ඇයට පරුෂ වචනයෙන් බැන දෙදෙනා එක්ව සිටියදී ගත් ඡායාරූප අන්තර්ජාලය වෙත මුදා හරින බවට තර්ජනය කර ඇති බවත් සඳහන්.
 
අත්අඩංගුවේ පසුව අදාළ තරුණයා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශව ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
ඉන්දිය මාධ්‍ය
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top