උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කවදාද ? තීරණය අද
Monday, 20 July 2020 - 8:16 | Views - 443

මෙවර උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය සම්බන්ධයෙන් අද (20) දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද (20) පෙරවරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීම සිදු කෙරෙනු ඇති.
අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් 19 වසංගතය හමුවේ කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.
විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වනදා ආරම්භ කිරීමටත් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
කෙසේ වෙතත් කොරෝනා වසංගතය හමුවේ පාසල් වසා දැමීම සහ උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට විෂය නිර්දේශ ආවරණය සම්බන්ඛයෙන් ගැටළු පවතින බව දෙමාපියන් මෙන්ම උපකාරක පන්ති ආචාර්යවරුන්ගේ සංගමයද අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් යළිත් සළකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ අතර, පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවයි මෙම විභාග පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (20) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ.
මේ අතර පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළා.
ඒ අනුව, ජූලි මස 27 වනදා නැවත පාසල් ආරම්භ කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එහෙත්, එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් පමණයි.
මහමැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දින එනම් අගෝස්තු මස 10 වනදා පාසල් වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිර්දේශ කර තිබුණා
Share This Article