උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කවදාද ? තීරණය අද
Monday, 20 July 2020 - 8:16 | Views - 444
මෙවර උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය සම්බන්ධයෙන් අද (20) දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද (20) පෙරවරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීම සිදු කෙරෙනු ඇති.

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් 19 වසංගතය හමුවේ කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.

විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වනදා ආරම්භ කිරීමටත් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය හමුවේ පාසල් වසා දැමීම සහ උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට විෂය නිර්දේශ ආවරණය සම්බන්ඛයෙන් ගැටළු පවතින බව දෙමාපියන් මෙන්ම උපකාරක පන්ති ආචාර්යවරුන්ගේ සංගමයද අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් යළිත් සළකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ අතර, පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවයි මෙම විභාග පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (20) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ.

මේ අතර පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව, ජූලි මස 27 වනදා නැවත පාසල් ආරම්භ කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එහෙත්, එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් පමණයි.

මහමැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දින එනම් අගෝස්තු මස 10 වනදා පාසල් වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිර්දේශ කර තිබුණා
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top