ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 20ක්
Monday, 20 July 2020 - 8:10 | Views - 6,601

ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2724 ක් දක්වා ඉහළ ගියා.
ඉන් 9 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වන අතර, නිරෝධායනයට ලක්වෙමින් සිටි කහතුඩුව ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් තුන්දෙනෙකුද මෙලෙස කොරෝනා ආසාදිතයන් බවට ඊයේ තහවුරු වුණා.
එමෙන්ම කටාර් හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි තුන්දෙනෙකුත්, ඉන්දියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනෙකු බැගින්ද කොරෝනා ආසාදිතයන් බව තහවුරු වූ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම නිරෝධායනයට ලක්වෙමින් සිටි පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්රිතයෙකුද කොරෝනා රෝගියෙකු බවට ඊයේ තහවුරු කර ගැනුනා.
ඒ අනුව කොරෝනා ආසාදිතයන් 678 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2035ක්.
එමෙන්ම කොරෝනා ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හබරාදූව හිටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු සුවය ලබා නිවසට පැමිණ ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
මොහුට ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේදී කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කෙරුණු අතර, මොහුගේ බිරිඳ ඇතුලු සමීප ආශ්‍රිතයින් 21 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා.
Share This Article