පාසල් අතුරු නිවාඩුව සතියකින් දීර්ඝ කෙරේ - ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පවත්වන නව දින ප්‍රකාශයට පත් කිරීම අනිද්දා (වීඩියෝ)
පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, නැවත පාසල් ආරම්භ කිරීමට ජූලි මස 27 වනදා වඩාත් සුදුසු දිනය බවට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එහෙත්, එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල දූ දරුවන් පමණයි.
මහමැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දින එනම් අගෝස්තු මස 10 වනදා පාසල් වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
එහෙත්, රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශ තුළ පිහිටි කිසිදු පාසලක් අගෝස්තු 10 වනදාට ප්‍රථම ආරම්භ නොකරන ලෙස ද අදාල පළාත් බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම, උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන 20 වන සඳුදා සිදුකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.