කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්රිත පොකුර පාලනය වූ තත්ත්වයකට පත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
මේ අතර, මෙරටදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 2697 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ පමණක් ආසාදිතයින් 10ක් මෙරටින් වාර්තා වූ අතර, රාජාංගනය ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙකු ද ඊට ඇතුළත්.
ඊට අමතරව සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් 3 දෙනෙකු, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් 3 දෙනෙකු, ගම්පහ ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු ආශ්‍රිතයෙකුගේ සමීපතමයන් දෙදෙනෙකු සහ ඉන්දියාවේ සිට පැමිණ එක් පුද්ගලයෙකු මෙලෙස ආසාදිතයන් ලෙස ඊයේ වාර්තා වුණා.
රාජාංගනය ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ දෙවන දිනටත් සිදුකිරීම අනිද්දා සිට ආරම්භ වනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ කොළඹ මහනගර සභා සීමාව තුළ ද ඊයේ පී.සී.ආර්. පරීක්ෂණ 174ක් සිදුකළ ද, ඉන් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බවයි.
මේ අතර, පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය අද පස්වරුවේ දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාසල් විවෘත කිරීමට අදාළ කාලසීමාව සහ දින සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමට මේ වනවිට ප්‍රතිචාර ලැබී ඇති බවයි.