කොළඹ ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්
Saturday, 18 July 2020 - 8:53 | Views - 493
මහකොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව, අද රාත්‍රී 8 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 10ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනවා.
එමෙන්ම, අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ද අද පස්වරු 2 සිට පසුදා පස්වරු 6 දක්වා පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, සහ කොස්වත්ත යන ප්‍රදේශවලට එලෙස ජලසැපයුම අත්හිටුවනු ඇති.
Share This Article