යතුරුපැදියකින් ගංජා ඇද්ද අයෙක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවේ
Saturday, 18 July 2020 - 8:47 | Views - 542
යතුරුපැදියකින් ගංජා තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් ඊයේ (17) රාත්‍රියේ අලුත්ගම, ඈගල්වත්ත, හතරකණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා 27 හැවිරිදි අයෙක්.
ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් අසූහතරක් සැකකරු විසින් සිය යතුරුපැදියේ සඟවාගෙන ප්‍රවාහනය කර තිබූ බවයි වාර්තා වන්නේ.
විශේෂ කාර්ය බලකා නිලධාරීන් යතුරුපැදිය නවත්වන්නට කළ අණ කිරීම නොතකා සැකකරු විසින් මද දුරක් යතුරුපැදිය ධාවනය කර ඇති අතර පසුව එම නිලධාරීන් යතුරුපැදිය ලුහුබැඳ ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද (18) නඩු භාණ්ඩ ද සමඟ කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article