ඌව, නැගෙනහිර සහ උතුරු මැදට ගිගුරුම් සහිත වැසි
Saturday, 18 July 2020 - 8:18 | Views - 413
දිවයිනේ ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල අද (18) දිනයේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනය තුල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50 වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
Share This Article