ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2688ක් දක්වා ඉහළට
Friday, 17 July 2020 - 19:24 | Views - 1,445
රාජාංගනය ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එහි සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 139කින් අද දිනයේ ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ එම දරුවා පමණක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.

මේ අතර, හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කළ පොලිස් සැරයන්වරියකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලයේ සේවය කළ 31 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හෝමාගම පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරන් දෙදෙනෙකු ද එම පිරිස අතර පසුවන බවයි.

ඔවුන් සියලූදෙනා මේ වනවිට හබරාදුව සහ අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ පොලිස් නිලධාරින්ට අමතරව, පසුගිය දිනවල හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණි හෝමාගම පොලීසියේ නිලධාරින් 14 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මීට අමතරව, මිරිහාන, පාදුක්ක, අතුරුගිරිය, මීගොඩ සහ කොට්ටාව යන පොලීසිවල නිලධාරින් කිහිපදෙනෙකු ද මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ පොලිස් සැරයන්වරිය බියගම පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වෙමින් සිට ඇති අතර ඇයට අද දිනයේ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

පසුව ඇය මිනුවන්ගොඩ රෝහල වෙත යොමුකර තිබෙනවා. අදාළ පොලිස් සැරයන්වරියගේ පුත්‍රයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනා.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොරෝනා ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් හඳුනා ගත් පොකුරේ පී.සී.ආර්. පරීක්ෂණ 5000 ක් සිදුකර අවසන් බවයි.

එසේම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බැලීමට ගිය කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද කිලිනොච්චියේදී ප්‍රකාශ කළා.

මේ අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී කොරෝනා වැළදී මියයන ශ්‍රමිකයන් වෙනුවෙන් ද කාර්යාංශය රක්ෂණ වන්දි පිරිනමන බව එහි සභාපති කමල් රත්වත්තේ නිවේදනය කළා.

අද දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 5 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සම්පූර්ණ ගණන 2012 දක්වා ඉහළ ගියා.

මේ වනවිට මෙරටදී කොරෝනා ආසාදනය වූවන් වාර්තා වන්නේ 2688ක් ලෙසටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top