හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් ඇතුළු 31ක් නිරෝධායනයට
Friday, 17 July 2020 - 17:15 | Views - 905
හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ පොලිස් සැරයන්වරියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලයේ සහ විශේෂ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් ඇතුළු 31 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඔවුන් අත්තිඩිය සහ හබරාදූව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි.
ඒ අතර පොලිසියේ විසි දෙදෙනෙකු සහ සිවිල් පුද්ගලයින් 09 දෙනෙකු සිටින බවයි මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ පොලිස් සැරයන්වරියගේ පුත්‍රයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනුණා.
Share This Article