SPA එක අස්සේ කම්සැප දෙන ගණිකා නිවාසයක් අල්ලයි - නීතියට පිටින් ගිය සුරූපී කාන්තාවන් 5 දෙනෙකුට වෙච්ච දේ
Friday, 17 July 2020 - 17:10 | Views - 656

රහසිගතව පවත්වගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් හා බලපත්‍ර රහිත සම්බාහන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනෙකු සමඟ කළමනාකරුවන් දෙදෙනෙකු පෙරේදා (15) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය සඳහන් කළා.
මෙම ගණිකා නිවාසය බියගම ප්‍රදේශයේදී හා සම්බාහන මධ්‍යස්ථානය සියඹලාපේ හන්දිය ප්‍රදේශයේ දී මෙසේ වැටලූ බව ද පොලිසිය පැවසුවා.
ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සම්පත් මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ අතර පොලිස් උපාය දූතයෙකු යොදවා ගණිකා නිවාසය වටලා තිබෙනවා.
මෙම ගණිකා නිවාසයේදී කාන්තාවන් දෙදෙනෙකු සමඟ කළමනාකරුවෙකු හා සම්බාහන මධ්‍යස්ථානයේදී කාන්තාවන් තිදෙනෙකු සමඟ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළා.
මෙම කාන්තාවන් දුර බැහැර පළාත්වල පදිංචිකාරියන් වන අතර ඔවුන් වයස අවුරුදු 18ත් 35ත් අතර වන බවත් වාර්තා වනවා.
මෙම කළමනාකරුවන් දෙදෙනා කොළඹ හා නිකවැරටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව ද පොලිසිය සඳහන් කළා.
කාන්තාවන් හා කළමනාකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නඩු මෙහෙයුම් අංශය භාර උප පොලිස් පරීක්ෂක ඒ. එම්. ඩී. තිලකනාත් මහතා කටයුතු කරනවා.
ලංකාදීප පුවත්පතෙන් උපුටා ගැනුමකි....
Share This Article