සමාජ මාධ්‍ය කළඹමින් ඇස් තුනක් සහිතව ජර්මනියේදී උපත ලැබු දරුවාගේ වීඩියෝවේ ඇත්ත නැත්ත
Friday, 17 July 2020 - 16:45 | Views - 10,990
ඇස් තුනක් සමඟ ජර්මනියේ දරුවෙකු උපත ලබා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙවැනි වීඩියෝ කිසිදු සොයා බැලීමකින් තොරව මිතුරන් අතරේ බෙදාගන්නා බවයි.
කෙසේ වෙතත්, ඇස් තුනකින් සමන්විත මෙම දරු උප්පත්තිය හාස්කමක් බවයි සමාජ පරිශීලකයින් කියා සිටියේ.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ Fact Check මාධ්‍යයක් සඳහන් කළේ, සංස්කරණය කර ඇති වීඩියෝවක් බවයි.
මෙම දරුවාගේ තෙවැනි ඇසත් වම් ඇසත් එකම ආකාරයක ක්රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව ද ඔවුන් පවසනවා.
වැඩිදුරටත් ඔවුන් සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලීමක් කළේ, මෙවැනි වීඩියෝ හුවමාරු කිරීමට පෙර ඒ ගැන සොයා බලා හුවමාරු කරන ලෙසයි.
විදෙස් මාධ්‍ය
Share This Article