සමාජ මාධ්‍ය කළඹමින් ඇස් තුනක් සහිතව ජර්මනියේදී උපත ලැබු දරුවාගේ වීඩියෝවේ ඇත්ත නැත්ත
Friday, 17 July 2020 - 16:45 | Views - 10,991
ඇස් තුනක් සමඟ ජර්මනියේ දරුවෙකු උපත ලබා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
 
එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙවැනි වීඩියෝ කිසිදු සොයා බැලීමකින් තොරව මිතුරන් අතරේ බෙදාගන්නා බවයි.

කෙසේ වෙතත්, ඇස් තුනකින් සමන්විත මෙම දරු උප්පත්තිය හාස්කමක් බවයි සමාජ පරිශීලකයින් කියා සිටියේ.
 
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ Fact Check මාධ්‍යයක් සඳහන් කළේ, සංස්කරණය කර ඇති වීඩියෝවක් බවයි.
 
මෙම දරුවාගේ තෙවැනි ඇසත් වම් ඇසත් එකම ආකාරයක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව ද ඔවුන් පවසනවා.
 
වැඩිදුරටත් ඔවුන්  සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලීමක් කළේ, මෙවැනි වීඩියෝ හුවමාරු කිරීමට පෙර ඒ ගැන සොයා බලා හුවමාරු කරන ලෙසයි.
 
විදෙස් මාධ්‍ය
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top