පොලීසිය දැනුවත් කර තිබියදීත්, ඩෝසර් කර දැමූ දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභාව
Friday, 17 July 2020 - 13:46 | Views - 2,517
පොලීසිය දැනුවත් කර තිබියදීත්, දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභාව ඩෝසර් කෙරේ - විමර්ශනයට කමිටුවක්

පළමුවරට කුරුණෑගල රාජධානිය කර ගත් දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත කමිටුවක් පත් කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසනවා.

එම රාජ සභාවේ කොටසක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලීසියට  පසුගිය 6 වන දා පැමිණිල්ලක් කර තිබුණා.

එසේ තිබියදීත්, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කුරුණෑගල නගරාධිපතිවරයා එක්ව පෙරේදා රාත්‍රියේ අදාළ රාජසභා මණ්ඩපය මුළුමනින්ම ඩෝසර් කර ඇති බවයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් ද පෙරේදා දිනයේදීත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලීසියට තවත් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, එම පැමිණිලි දෙකම සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් පසුබිමක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබදව පොලිස්පතිවරයාට ලිඛිතව සහ වාචිකව දැනුම් දීමට පියවර ගෙන ඇති බව සඳහන්.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මෙම රාජ සභා මණ්ඩපය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතියා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ප්‍රකාශ කළේ මේ  සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top