ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි
Friday, 17 July 2020 - 11:57 | Views - 471
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට මිලියනය ඉක්මවා තිබෙනවා.
එය සටහන් වන්නේ දස ලක්ෂ 5637ක් ලෙසයි.
එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 25,609 දක්වා ඉහළ ගොස් ඇති අතර, ගත වූ පැය 24 තුළ මරණ 680ක් ඉන්දියාවෙන් වාර්තා වී තිබුණා.
ඊයේ දිනයේ වැඩිම මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1299ක්.
බ්‍රසීල ජනාධිපති ජයර් බොල්සොනාරෝට ද දෙවන වරටත් කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වුණා.
Share This Article