අනියම් සැමියාත් අතුරුදහන් - අධික රුධිරය වහනය වීමෙන් මියගිය දැරියගේ අභිරහස් මරණය ගැන අලුත්ම කතාවක් එළියට
Friday, 17 July 2020 - 11:36 | Views - 447

සර්පයකු දෂ්ඨ කිරිමකින් මරණයට පත්වු බව සදහන් කල දස හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කල බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසනවා.
අදාල දැරිය 16 දින උදෑසන දැඩි ලෙස අසාධ්‍යව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මරණයට පත්ව තිබෙනවා.
දැරියගේ මව රෝහල් පොලිසියට දන්වා ඇත්තේ සර්පයකු දෂ්ඨ කල බව නමුත් මෙම මරණය සම්බන්ධව රෝහල් පොලිසිය පුත්තලම මුලස්ථාන පොලිසියට දැන්විමේන් පසුව පරික්ෂණ අරඹා ඇති බව සඳහන්.
මරණයට පත් දැරියගේ මව පුත්තලම කුරුණෑගල මාර්ගයේ ආසිරිගම ප්‍රදේශයේ පුද්ගලික පොල්ඉඩමක සේවය කරමින් ඇති බව ද වාර්තා වනවා.
එම ස්ථානයේම මරණයට පත් දැරිය හා ඇගේ කුඩා සොහොයුරන් දෙදෙනෙකුද සිට ඇති බවත් මරණයට පත් දැරියගේ 17 හැවිරිදි සොහොයුරියක් විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින බවත් සඳහන්.
මරණයට පත් දැරියගේ මවට විවාහ දෙකකදී දරුවන් අට දෙනෙකු සිටින බවද පොලිස් පරික්ෂණ වලදීඅනාවරණය වී තිබෙනවා.
පොලිස් අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරින් හා පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින් මරණයට පත්ව ඇති දැරිය පදිංචි සිට ඇති පොල්ඉඩම තුල 16 වන දින සවස සිදුකල විමර්ශණ වලදි නිවස ආසන්නයේ වල දමා තිබු ලේ කැටිති තැවරුණු ඇඳුම් කිපයක් වළ දමා තිබියදි සොයා ගෙන තිබෙනවා.
පරික්ෂණ පවත්වන පොලිස්නිළධාරින් සැකකරන්නේ දැරියගේ මව දැනට මාස අටක සිට ඇසුරු කරන අනියම් සැමියා අතින් දැරිය ගැබ් ගැනිමකට ලක්වන්නට ඇති බවත් දැරියට කිසියම් ඖෂධයක් ලබා දී ගැබ් ගැනිම ඉවත් කිරිමට ඇගේ මව සමග අනියම් සැමියා උත්සහ කරන්නට ඇති බවත්, එම සිද්දියෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීමේන් අසාධ්‍ය තත්ත්යවයට පත් වී රෝහල් ගත කරන විටත් මරණයට පත් වන්නට ඇති බවයි.
කෙසේ වෙතත් දැරියගේ මරණයත් සමඟ මවගේ අනියම් සැමියා ප්‍රදේශය හැර දමා ගොස් ඇති බවද වාර්තා වනවා.
පුත්තලම ප්‍රියංකර කළුපහන
Share This Article